|    |  

கௌரவ அமைச்சரின் செய்தி

 

எமது அமைச்சிற்கு அத்தியாவசியமான இணையத்தளம் ஒன்றை நிறுவி அதற்கான செய்தியொன்றை வழங்கக் கிடைத்தமை பற்றி நான் மிகவும் மகிழ்வடைகிறேன். மிக முன்னேற்றமடைந்துள்ள இலத்திரனியல் ஊடக உலகில் எமது அமைச்சிற்கான இணையத்தளம் ஒன்றின் உருவாக்கம், எமது தேசிய மற்றும் சர்வதேச தொடர்பாடலை மிகச் சிறந்த முறையில் பேணிக் கொள்வதற்கு மிகவும் பயனளிக்கும் ஒன்றாகும். இதனூடாக எமது சர்வதேசத் தொடர்புகளை மிகவும் பயன் மிக்கதாக ஆக்கிக் கொள்ள முடியும். இவ்வாரான மிகப் பயன்மிக்க செயற்பாடொன்றை ஆரம்பிப்பதற்கு வழிகாட்டிய எமது அமைச்சின் செயலாளருக்கும், இச்செயற்பாட்டை சிறந்த முறையில் நடைமுறைப்படுத்த உதவிய அனைத்து உத்தியோகத்தர்களுக்கும் எனது நன்றியைத் தெறிவித்துக் கொள்வதுடன், இவ் இணையத் தளத்தினூடாக எமது அமைச்சின் செயற்பாடுகள் உலகின் அனைத்துப் பாகங்களுக்கும் சென்றடையச் செய்வதனூடாக மத்திய மாகாணத்திலுள்ள எமது மக்களுக்குச் சிறந்த பலனடையும் சந்தர்ப்பத்தைப் பெற்றுக் கொள்வதற்கான வழிகாட்டுதலை எமது நோக்கமாக ஆக்கிக் கொள்வதற்கான அனைத்துச் செயற்பாடுகளும் வெற்றியளிக்க வேண்டுமெனப் பிரார்த்திக்கின்றேன்.

ලේකම්තුමියගේ පණිවිඩය

 

මෙම අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්ය භාරය අනුව මධ්‍යම පළාතේ සමාජ,ආර්ථික සංවර්ධය තුලින් ජනතා සුභසෙත සැලසීමටත් ආර්ථික,සමාජීය,සංස්කෘතික විවිධත්වය තුලින් පළාතේ සංවර්ධන කටයුතු සදහා ඇති බාධක අභියෝග දුරලීමත් මාගේ ඒකායන අභිප්‍රාය වේ. එසේම මධ්‍යම පළාත් සභාව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පළාත් සභාවට පත්වීමේ අරමුණ ද අප සතුවේ.

එසේම පළාත් සභාවේ සංවර්ධන වැඩ පිළිවෙල හා බද්ධ වූ විෂය ක්ෂේත්‍ර යටතේ විශේෂ වැඩසටහන් ක්‍රීයත්මක කිරිමද, එසේම ආදායම් උත්පාදනය තුළින් දුගී බව අවම කොට පළාතේ ඒක පුද්ගල ආදායම වැඩි කිරිමට දායක වීම, රැකියා උත්පාදනය තුළින් විරැකියාව අවම කිරිම හා නිෂ්පාදන ප්‍රවර්ධනය මගින් පළාතේ දළ දේශිය නිෂ්පාදන අගය වැඩි කිරිමද පරමාර්ථ වේ. සමස්ථයක් වශයෙන් ගත් කල කාර්යක්ෂම හා සඵලවත් බවින් යුතුව පළාතේ සමාජ ආර්ථික සංවර්ධනය ක්‍රියාත්මක කරමින් සාර්ථක ගමන් මඟකින් යුතුව විශිෂ්ටතම සංවිධානයක් කරා යෑමද පෙරටු වේ.

කර්මාන්ත සංවර්ධනය තුළින් පේෂකර්මාන්ත හා කර්මාන්ත ගම්මාන ඇතිකර ජනතාවට උපරිම ප්‍රතිඵල නෙලාගැනිමට අත්වැල සැපයීමටත් දෙපාර්තමේන්තු අංශ මගින් පුහුණුව ලබන පුහුණුලාභීන් රැකියා ගන්වා ඒ තුළින් ජාත්‍යන්තර තලයට ගෙන්වා රැකියා දස ලක්ෂයේ ව්‍යාපාරයට එක් වීමද මුඛ්‍ය පරමාර්ථය වන අතර දිනෙන් දින නව අදහස් තුළින් නව මඟකට යොමු වීමද මාගේ පරම අධිෂ්ඨානය වේ.

ඉහත කී මඟ සාර්ථකව ගමන් කිරිමට හා අමාත්‍යාංශයේ සියලුම කාර්තව්‍යයන් ඉටුකිරිමෙහිලා නිතැතින් මා හට සහය දැක්වූ මධ්‍යම පළාතේ ගරු ආණ්ඩුකාරවර නිලුකා ඒකනායක මැතිණිය, මධ්‍යම පළාතේ ගරු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමා, මධ්‍යම පළාත් සභාවේ ගරු ඇමතිතුමන්ලා, මධ්‍යම පළාත් සභාවේ සභාපති ගරු එල්.ඩී.නිමලසිරි මැතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමාන් හා තුමියන්ලාගේ ලැබෙන්නා වූ ආශිර්වාදය මෙන්ම උපදෙස් හා මඟපෙන්විම මා නිතරන්තරයෙන් අගය කරන්නෙමි. එසේම මාගේ අමාත්‍යාංශයේ අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ මඟ පෙන්වීමත් සුළු සේවකයාගේ සිට ඉහළ කළමනාකරණය දක්වා පවත්වන මිත්‍රශීලී භාවයත්, සමීපභාවයත්, අත්දැකීමෙන් පරිපූර්ණභාවය හා එතුමාගෙන් ලැබෙන නොමඳ සහයත් කෘතවේදීව සිහිපත් කරමි.

එසේම ප්‍රධාන ලේකම් එස්.එම්.ප්‍රේමවංශ මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, සභා ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්,ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු මාගේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන්ද,මාණ්ඩලික නිලධාරීන්, සියලුම නිලධාරීන්ද, ගරු අමාත්‍යතුමාගේ මැතිනිය හා පෞද්ගලික කාර්යය මණ්ඩලයද කෘතවේදීව සිහිපත් කරමි.