|    |  

මානව සම්පත් කළමනාකරණ අංශය

 

ලිපිනය : සහකාර ලේකම් (I), තැ.පෙ 41, ගැටඹේ, පේරාදෙණිය.
දුරකථන අංකය : 081 – 2386288

 

දැක්ම

කාර්යශූර හා ඵළදායි වූ විශිෂ්ඨතම මානව සමිපත් කළමනාකරණ අංශය බවට පත් වීම 

 

මෙහෙවර

නිශ්චිත අරමුණක් ඔස්සේ කාර්යක්ෂම හා ඵළධායිතාවයෙන් යුක්ත වූ මානව සම්පත් බිහිකිරීම.

 

 

මාණ්ඩලික නිලධාරීන්

 

සහකාර ලේකම් (I)
ජී.කේ.ජී.ටී.ඩී. ගෙදරකුඹුර

පරිපාලන නිළධාරි
ඩබ්.ඒ.අමරාංගනී

අංශයේ නිලධාරින්

කාර්යභාරය 

 

  • අමාත්‍යාංශයේ තැපෑල සම්බන්ධයෙන් සියලු කටයුතු අධීක්ෂණය හා මාසික ප්‍රගතිය ප්‍රධාන ලේකමි වෙත වාර්ථා කිරීම.
  • අමාත්‍යාංශය තුල සේවයේ නියුතු සියලුම නිළධාරීන්ගේ ‍පෞද්ගලික ලිපිගොණු නඩත්තුව සම්බන්ධ රාජකාරි.
  • මධ්‍යම පළාත් අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල සංදේශ සකස්කර ඉදිරිපත් කිරීම
  • පැමිණීමේ ලේඛණය හා නිවාඩු ලේඛණයේ අධීක්ෂන කටයුතු.
  • අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ වැටුප් පරිවර්ථන,විශ්‍රාම වැටුප් ලිපිගොනු සම්බන්ධ කටයුතු
  • තොරතුරු පනතට අදාල කටයුතු සිදුකිරිම.
  • දුම්රිය වාර ප්‍රවේශපත්‍ර කටයුතු/යතුරුපැදි/නිළ ඇදුම්/ඉන්වෙන්ට්‍රි රාජකාරි කටයුතු.
  • අමාත්‍යාංශය සතු වාහන සම්බන්ධ සියලු කටයුතු.
  • මු.රේ. 104 ට අදාල කටයුතු.
  • මැතිවරණ කටයුතු.
  • අමාත්‍යාංශයේ ලේඛණාගාරයට අදාල සියලුම කටයුතු.
  • දිගන ක්‍රීඩාංගනය ඉදිකිරීම,නඩත්තුව,පරිපාලනයට අදාල රාජකාරි කටයුතු.
  • දේශිය හා විදේශිය නිවාඩු සම්බන්ධ සියලු රාජකාරි.
  • කාර්ය මණ්ඩල තොරතුරු සම්බන්ධව ඇතිවන වෘත්තීය ගැටළු වලට අදාල ආයතන කටයුතු කිරීම.
  • කාර්ය මණ්ඩල තොරතුරු සම්බන්ධව ඇතිවන වෘත්තීය ගැටළු වලට අදාල ආයතන කටයුතු කිරීම.
  • ආපදා ණය , දේපළ ණය වලට අදාල සියළු රාජකාරි කටයුතු.
  • ප්‍රඥ්ඤාප්ති සකස්කිරීම හා අනුමත කර ගැනීම.
  • මුලික විමර්ෂන කටයුතු,චෝදනා පත්‍ර සැකසීම හා විදිමත් විනය පරීක්ෂනවලට අදාල සියළු විනය කටයුතු
  • පාර්ලිමේන්තු,මහජන,මානව හිමිකම්කොමිෂන් සභා සහ පාර්ලිමේන්තු කොමසාරිස්ගේ ලිපි වලට අදාල කටයුතු
  • චක්‍රලේක,උපදෙස් ලබා ගැනීම,බෙදාහැරීම
  • අමාත්‍යාංශයට ලැබෙන පෙත්සම් පරීක්ෂන කටයුතු
  • රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කටයුතු
  • අමාත්‍යාංශයට අදාල ඉඩම් , ගොඩනැගිලි හා නිළනිවාස පිලිබ‍ද කටයුතු
  • ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • ඵලධායිතා වැඩසටහන ක්‍රීයාත්මක කිරිම.