|    |  

සැලසුම් අංශය

 

ලිපිනය : සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන), තැ.පෙ 41, ගැටඹේ, පේරාදෙණිය.
දුරකථන අංකය : 081 2384175
ෆැක්ස් : 081 2387410
විද්‍යුත් තැපැල : moicp2015@gmail.com

 

දැක්ම

සාධනීය සැලසුම් කරණයෙන් විශිෂ්ටත්වයට

 

මෙහෙවර

තිරසාර හා සාධනීය සැලසුම්කරණය තුලින් ඉලක්කයකට මධ්‍යම පළාතේ සංවර්ධන ක්‍රීයාවලිය නංවාලීමට ප්‍රතිඵලදායි දායකත්වයක් ලබාදීමට කටයුතු කිරිම.

 

 

මාණ්ඩලික නිලධාරීන්

 

ජී.එම්.එල්.කේ.හේරත් මිය
සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන)

අංශයේ නිලධාරින්

 

අංශය පිළිබඳ

මධ්‍යම පළාත් ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම සංවර්ධන කාර්යයන් සැලසුම් කෙරෙන්නේ මෙම අංශය තුලිනි. ඒ අනුව පළාතේ අවශ්‍යතාවයන් හදුනා ගනිමින් ක්‍රිඩා,යෞවන,වනිතා,ග්‍රාම සංවර්ධන,කර්මාන්ත හා පේෂකර්ම යන ක්ෂේත්‍රයන් හි සංවර්ධන කටයුතු සැලසුම් කෙරෙන අතර එකී සැලසුම් අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු හා අංශ මගින් පළාත පුරා ක්‍රීයාත්මක කිරිමට කටයුතු කිරිමත් ඒවායේ මෙහෙයුම් හා ඇගයුම් කාර්යයන් සිදු කිරිමත් කරනු ලබයි.පහත සදහන් කාර්යයන් මෙම අංශය මගින් ක්‍රීයාත්මක කරනු ලබයි.

ඒ ඒ වර්ෂය සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන අනුව අමාත්‍යාංශ ක්‍රීයාත්මක සංවර්ධන සැලසුම්,තුන් අවුරුදු සැලැස්ම සකස් කරනු ලබන අතර ඒ ඒ විෂය පථය අනුව එකී ඉලක්ක දෙපාර්තමේන්තු හා අංශ අතර බෙදාහරිමින් ක්‍රීයාත්මක සැලසුමට අනුකූලව මාසික,කාර්තු,අර්ධ වාර්ෂික හා වාර්ෂික වශයෙන් ප්‍රගති වාර්තා ලබා ගනිමින් සංවර්ධ වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීමත්,සමස්ථ ප්‍රගතිය සකස් කිරිමත් එම වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබඳව මාසිකව අධීක්ෂණය කරමින් මෙහෙයවමින් අවසානයේ පසු විපරම් කරමින් වෙනත් ප්‍රතිපාදන මත සිදුකරනු ලබන මන්ත්‍රී ප්‍රතිපාදන, විශේෂ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන යටතේද මාසිකව ප්‍රගතිය ලබා ගනිමින් අධීක්ෂණය,මෙහෙයවීම හා පසු විපරම සිදුකරනු ලබයි.

තවද ගරු ආණ්ඩුකාරතුමිය සමඟ පවත්වන ප්‍රගති සමාලෝචන රැස්වීම, උපදේශක කාරක සභා රැස්වීම,ගරු ආමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන රැස්වීම, ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන රැස්වීම් හා අමාත්‍යාංශ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන රැස්වීම් සංවිධානය කිරිමත් ඒ පිළිබඳ වාර්ථා සකස්කර ඉදිරිපත් කිරිමත් මෙම අංශය මගින් සිදුකරනු ලබයි.

එමෙන්ම අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ මෙහෙයවීම් කටයුතු සිදුකරනු ලබන්නේද අමාත්‍යාංශ සම්බන්ධ තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරිම, පළාත් සභා රාජකාරි කටයුතු සිදු කිරිම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා මාසිකව සියලු වාර්තා සකස් කර ඒ සඳහා සහභාගී වීමද සිදුකරනු ලබයි. මීට අමතරව අමාත්‍යාංශයේ වාර්ෂික අයවැය වාර්තා,අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ කාර්ය සාධන වාර්ථාව සකස් කිරිම සහ අදාල අංශ වෙත යොමු කිරිම සිදු කරනු ලබන්නේ මෙම අංශය මගිනි.