අංශය පිළිබඳව විස්තරය
පවුලේත් සමාජයේත් පදනම වන කාන්තාව නිවසේ සාමය පවත්වාගෙනයාමට ආර්ථික කළමණාකරනයට පවුලේ මෙහෙයුම් දැරීමටත් ඉටු කරන්‍නේ අනුපමේය වූ දායකත්වයකි. මේනිසාම කාන්තාව සවිබල ගැන්වීම සමාජය සවිබල ගැන්වීමක් වනු ඇත.
මධ්‍යම පළාතේ ජනගහන සංඛ්‍යා ලේඛණවලට අනුව කාන්තා ජනගහනය 52.56% කි (2012 වර්ෂයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව) . මේ නිසාවෙන් ආර්ථික සංවර්ධන ක්‍ෂේත්‍රයට කාන්තාව වැඩි වැඩියෙන් අනුකරණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්‍වේ. වර්තමාන ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේ මූලාශ්‍රයන්ට අනුව කාන්තාවන්‍ගේ වෘත්තීය නිපුණතාවයන් පුළුල් කිරීමට ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.
ජනගහනයෙන් 52 % ක් කාන්තාවන්වීම ආර්ථික හා සමාජීය ප්‍රවර්ධනයට කාන්තාව දායක කරවීම අත්‍යාවශ්‍යතාවයක් බවද පෙන්නුම් කෙරේ.
මේ අනුව කාන්තාවන් ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක කරවීම කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කරවීම වැදගත්ව පවතින බව විද්‍යාමානවේ. එමෙන්ම ජනගහනය 72 % ක් ඉක්මවන ග්‍රාමීය ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වන කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් කෙරෙහි ද අවධානය යොමු කරවීම කාලීන අවශ්‍යතාවයකි.
ඒ අනුව මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය මඟින් හදුනා ගන්නා ලද ඉහත අරමුණු ඉටුකර ගැනීම අටියෙන් වනිතා අංශයේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.