| දැක්ම |
කාර්යක්ෂම හා සඵලවත් බවින් විශිෂ්ටතම සංවිධානය බවට පත්වීම.
| මෙහෙවර |
මධ්‍යම පළාතේ කර්මාන්ත සංවර්ධනය හා ව්‍යාවසායකත්ව ප්‍රවර්ධනය, ක්‍රීඩාවේ ප්‍රගමනය, කාන්තාවන් බලගැන්වීම, ග්‍රාමීය ප්‍රදේශවල භෞතික හා මානව සම්පත් නගා සිටුවීම ධානත්මක තරුණ සංවර්ධනය තුලින් සමතුලිතවූත් ,තිරසාරවූත් සමාජ ආර්ථික සංවර්ධනයක් හා උසස් ජීවන තත්ත්වයක් ඇති කිරිමට දායක වීම.
මධ්‍යම පළාත පුරා විහිද සිටින ජනතාවගේ ක්‍රීඩා සංවර්ධනය තුලින් ක්‍රියාශීලි විනයගරුක ජනතාවක් බිහිකර සියලුම ජන කොටස්වල කායික සහ මානසික සෞඛ්‍ය වර්ධනය වන පරිදි ක්‍රීඩාව දිරිගන්වා පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන එමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා සංවර්ධනය කර, පුහුණු පහසුකම් ඇති කර යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ක්‍රීඩාවේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කර ගැනීම අමාත්‍යාංශයේ එක් අරමුණක් වේ. එමෙන්ම ක්‍රීඩා කටයුතුවල ගුණාත්මක බව වර්ධනය කරමින් මධ්‍යම පළාතේ විවිධ ක්‍රීඩා කටයුතු වලින් උසස් දක්ෂතා කරා ළගා වෙමින් සිටින ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට විද්‍යානුකූල සහ විධිමත් පුහුණුවක් ලබාදීම තුලින් ක්‍රීඩාවේ ප්‍රබෝධය වර්ධනය කරනුවස් නිරන්තරයෙන්ම ක්‍රීඩා තරඟ සහ ක්‍රීඩා පුහුණුවීම් සංවිධානය කර පැවැත්වීම, ක්‍රීඩා කටයුතු සඳහා ප්‍රජාව දිරිගැන්වීම පිණිස උපකරණ සහ මෙවලම් සැපයීමද අපගේ අමාත්‍යාංශයේ පරමාර්ථය වේ.
තවද මධ්‍යම පළාතේ තරුණ තරුණියන් කායික හා මානසික වශයෙන් ශක්තිමත් කරමින් මධ්‍යම පළාතේ සමාජ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ධනාත්මක තරුණ පරපුරක් බිහිකිරිම ද අමාත්‍යාංශයේ තරුණ අංශය මඟින් සිදු වේ. වෘත්තීය පුහුණු, භාෂා දැනුම සංවර්ධනය, සමාජ හා සංස්කෘතික සංවර්ධනය තුලින් රැකියා අභිමුඛ අවස්ථා සංවර්ධනය ,තරුණ ප්‍රජාව තුල ජාතික සහයෝගීතාව වර්ධනය කර සේවා වියුක්තිය අවම කර වෘත්තීය උපාය මාර්ග ද හදුන්වා දේ. එසේම දේශීය හා විදේශීය වෙළඳපොල ඉලක්ක කර ගනිමින් වෘත්තීය පුහුණු ලබාදීම තුලින් දියුණු වන ලෝකයේ අභියෝගවලට මුහුණදීමට හැකිවන පරිදි තරුණ පරපුර ශක්තිමත් කිරිම අපගේ එකම අරමුණ වේ. එසේම නොයෙක් තරුණ තරුණියන්ගේ හැකියාවන් හදුනා ගනිමින් නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමටද සහය වීම අමාත්‍යාංශයේ ඉලක්ක අතර වේ.
අමාත්‍යාංශය යටතේ පවතින වනිතා කටයුතු අංශයෙන් මධ්‍යම පළාතේ සමබරවූත් තිරසාරවූත් ආර්ථික සංවර්ධනයක් උදෙසා ප්‍රදේශයේ ඇති සම්පත් ආර්ථික කළමනාකරණය සහිතව භාවිතා කර කාන්තාවන්ගේ පුද්ගල හැකියාවන් සංවර්ධනය කිරිම තුලින් ඔවුන්ගේ සමාජ ආර්ථික ජීවිතයට ගුණාත්මක භාවයක් ලබාදෙමින් අත්වැල සපයනු ලබයි. මේ හරහා කාන්තාවන්ගේ ආර්ථික හා ව්‍යවසායකත්ව සංවර්ධනය ,සමාජීය සංවර්ධනය, ලියසෙවන මධ්‍යස්ථාන සංවර්ධනය, ධාරිතා සංවර්ධනය සිදු කරනු ලබයි. එසේම තත්කාලීන සමාජයට අවශ්‍ය පරිදි කාන්තා පරපුරක් ගොඩනගමින් ආර්ථික ක්‍රියාවලියට දායකත්වයක් ලබාදීය හැකි පරිදි දැනුම, ආකල්ප තාක්ෂණික දැනුමෙන් හා කුසලතාවලින් කාන්තාවන් සවිබල ගැන්වීම සිදු කරයි. එමෙන්ම නිෂ්පාදන දායකත්වය,ආර්ථික සකසුරුවම,ආයෝජන හා ඉතිරිකිරිම උදෙසා කාන්තාවන් යොමු කිරිම,කුසලතා පූර්ණ කාන්තාවන් අගය කිරිම,දිරිගැන්වීම හා කුසලතා එළිදැක්වීම සඳහා අවස්ථාව සලසාදීම,කාන්තාවන් මුහුණ දී ඇති ගැටළු හදුනා ගැනීම හා විසදුම් ලබාගැනීමට සහය වීම හා උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, බහුවිධ කර්යයන් උදෙසා ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරිමට ප්‍රාදේශීය වශයෙන් ලියසෙවන මධ්‍යස්ථාන සංවර්ධනය කිරිම.පළාතේ කාන්තාවන් හට එදිනෙදා ජීවිතයේදී මුහුණපාන්නට සිදුවන මානසික සහ නීතිමය ගැටළු සදහා විසදුම් සෙවීමට අවශ්‍ය කාන්තාවන් සඳහා සහන සේවා සැපයීම රැකියා විරහිත කාන්තාවන් සඳහා ආදායම් උත්පාදන කාර්යයන් පිළිබඳ පුහුණු ලබාදීමද,ව්‍යවසායක කාන්තාවන්ගේ නිෂ්පාදන සඳහා අලෙවි වැඩසටහන් ප්‍රවර්ධනය ,ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කාන්තාවන්ට සුවිශේෂි දිනයන් සැමරීම තුලින් කාන්තා දිවියට මහඟු අත්වැලක් සපයනු ලබයි.
මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම අමාත්‍යංශය යටතේ පවතින තවත් එක් දෙපාර්තමේන්තුවක් වේ.ග්‍රාම සංවර්ධන සංවිධාන ව්‍යුහය ශක්තිමත් කර ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම තුලින් ස්වශක්තිය සහ සහභාගිත්වය වර්ධනය කර ඉහල ගුණාත්මක සංවර්ධනයකින් සපිරි ගමක් බිහිකිරිම පරමාර්ථය කරගනිමින් ක්‍රීයාත්මක වේ. ඒ අතර ඵලදායිතා ගම්මාන සංවර්ධන වැඩසටහන ගැමි ශක්ති ජයග්‍රහණ සමිති සඳහා ව්‍යාපෘති පිරිනැමීම,ග්‍රාමීය කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන වැඩසටහන,ග්‍රාම සංවර්ධන බල මණ්ඩ ශක්තිමත් කිරිම,ආදායම් උත්පාදන වැඩසටහන, දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය,ග්‍රාම සංවර්ධන සමිති හා ප්‍රාදේශිය බල මණ්ඩල ශක්තිමත් කිරිම,ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම,ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය,වෘත්තීය පුහුණු සංවර්ධනය,කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන තුලින් අභිමානවත් කාන්තාවන් බිහිකිරිම මගින් ස්වශක්තියෙන් සපිරි තිරසාර ගමක් බිහිකිරිම අපගේ අභිලාශය වේ.
මධ්‍යම පළාතේ පාරම්පරික හා නවීන ශිල්ප ක්‍රම තුළින් ගුණාත්මක අත්යන්ත්‍ර රෙදිපිළි ඉහළ වෘත්තීය භාවයකින් හා සාධාරණව ලබාදී ග්‍රාමීය ජනතාව ආර්ථික සංවර්ධනයට දායක කරගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම හා අත්යන්ත්‍ර පේෂකර්මාන්තය සුරක්ෂිත කිරිම අපගේ මෙහෙය වන අතර නිෂ්පාදන ප්‍රවර්ධනය,අලෙවි ප්‍රවර්ධනය,කුසලතා හා මානව සම්පත් සංවර්ධනය,භෞතික සම්පත් සංවර්ධනය,පාරම්පරික කර්මාන්තයක් වන අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයේ පාරම්පරික ශිල්පීය රටාවන් ආරක්ෂා කිරිම,පාරිභෝගික අවශ්‍යතාවයන්ට අනුකූලව රෙදිපිළි නිපදවීම,අත්යන්ත්‍ර රෙදිපිළි පරිභෝජනය සඳහා පාරිභෝගිකයින් පෙළඹවීම හා සංවර්ධනය කිරිම,අත්යන්ත්‍ර පේෂකර්මාන්ත සංවර්ධනයට අවශ්‍ය පර්යේෂණ හා පුහුණු කටයුතු කිරිම,පෞද්ගලික අංශවලට අවශ්‍යවන තාක්ෂණය හා උපදේශන සේවා ලබාදීම,රැකියා විරහිත ග්‍රාමීය ජනතාවට රැකියා අවස්ථා උදා කරදීම ප්‍රමුඛ කාර්යන් අතර වේ.
මධ්‍යම පළාතේ උසස් කාර්මික සංවර්ධනයක් තුලින් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන සේවා සැපයීමේ ආයතනයක් වශයෙන් ව්‍යවසායකත්ව,තාක්ෂණික,නිර්මාණාත්මක කුසලතා හා යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා වෘත්තීයභාවයකින් යුතුව හදුනාගත් අවශ්‍යතා අනුව මූල්‍ය හා තාක්ෂණික වැඩසටහන් ක්‍රීයාත්මක කිරිම තුලින් පළාතේ තිරසර සංවර්ධනයට ඉහල දායකත්වයක් ලබාදීම මෙම අමාත්‍යංශය යටතේ පවතින කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වේ. එමෙන්ම හස්ත කර්මාන්ත සංවර්ධනය හස්ත කර්මාන්ත අලෙවි සංවර්ධනය. වෘත්තීය නිපුණතා සංවර්ධනය, ධාරිතා සංවර්ධනය ප්‍රධාන විෂය පථය වන අතර පළාත තුල විසිරි සිටින ව්‍යාපාර ක්ෂේත්‍රයට එළඹීමට බලාපොරොත්තු සිටින හා දැනට ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යවසායකයින් වසරකට අවම වශයෙන් 300 දෙනකු බැගින් ජාත්‍යත්තර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ඔස්සේ සවිබල ගැන්වීම,වසරකට වතාවක් පළාතේ විවිධ පරිමාණ වල ව්‍යවසායකයින් 100 දෙනකු තෝරා ඇගයීමට ලක් කිරිම.එමෙන්ම මධ්‍යම පළාතට නව තාක්ෂණය හදුන්වා දීම සඳහා වසරකට අවම වශයෙන් විවිධ ක්ෂේත්‍ර වල ව්‍යවසායකයින් 200 දෙනකු දැනුවත් කිරිම, පළාතේ ව්‍යවසායකයින්ගේ වෙළඳපල ප්‍රවර්ධනය හා තොරතුරු සම්ප්‍රේෂණය සඳහා වසරකට අවම වශයෙන් 30 දෙනකු විදේශ සංචාර සඳහා සහභාගී කරවීම, මධ්‍යම පළාත තුල විසිරි සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් වසරකට අවම වශයෙන් 200 දෙනකු බැගින් තෝරා නව මෝස්තර භාවිතයට හා නව තාක්ෂණයට හුරු කිරිම සමග අපනයන වෙළඳපළ හදුන්වා දී ඔවුන්ගේ මාසික ආදායම් වැඩිකරදීම. එමෙන්ම ජාතික නිපුනතා මට්ටම ඇති කිරිම සඳහා වසරකට අවම වශයෙන් දෙපාර්තමේන්තුව සතු පුහුණු මධ්‍යස්ථාන 02 ක බැගින් තෝරා එම මධ්‍යස්ථාන වල පහසුකම් සංවර්ධනය කිරිම,වසරකට ලී වැඩ හා ලෝහ වැඩ උසස් තාක්ෂණ පුහුණු යටතේ මධ්‍යම පළාතේ තරුණයින් අවම වශයෙන් 150 දෙනකු බැගින් වෘත්තීය පුහුණුව ලබා දී
කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ශ්‍රමිකයන් ලෙස යොමු කිරිම හෝ ව්‍යවසායකත්ව මට්ටම සවිබල ගැන්වීම,වසරකට රැකියා වියුක්ත තරුණ තරුණියන් ලී වැඩ තාක්ෂණ පුහුණු යටතේ අවම වශයෙන් 340 දෙනකු බැගින් තෝරා වෘත්තීය පුහුණුව ලබා දී ශ්‍රම වෙළඳපලට එක්කිරිම හෝ රැකියා ගැන්වීම යනා දී කරුණු සාක්ෂාත් කර ගැනීම අප අරමුණු අතර වේ.