|    |  

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව

 

ලිපිනය : අංක 05, රජපිහිල්ල මාවත, මහනුවර.
දුරකථනඅංකය : 081 2205593
ෆැක්ස් : 081 2205593
විද්‍යුත් ලිපිනය : ruralcp@yahoo.com
දැක්ම

ස්ව ශක්තියෙන් සපිරි තිරසාර ගමක්

 

මෙහෙවර

ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය ශක්තිමත්කර ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් ස්ව ශක්තිය හා සහභාගිත්වය වර්ධනය කර ඉහළ ගුණාත්මක සංවර්ධනයකින් යුත් සපිරි ගමක් බිහි කිරීම

 

අරමුණ

  • ග්‍රාම සංවර්ධන සමිති හා ප්‍රාදේශීය බල මණ්ඩලය ශක්තිමත් කිරීම
  • ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය නංවාලීම
  • ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය
  • කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන තුළින් අභිමානවත් කාන්තාවක් බිහි කිරීම
  • වෘත්තීය පුහුණු සංවර්ධනය

කාර්යයන්

  • ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
  • ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීම.
  • ග්‍රාමීය සමාජ ආර්ථික සංවර්ධන වැඩසටහන.
  • ධාරිතා සංවර්ධන වැඩසටහන.
මාණ්ඩලික නිලධාරින්

පළාත් අධ්‍යක්ෂ
පී.එච්.සාලියබණ්ඩාර මයා

අප ආයතනය

ග්‍රාම සංවර්ධනය නම් විෂය යටතේ ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු සිදුකිරීමට ආරම්භ වන්නේ 1940 වර්ෂයේ දී වාණිජ හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ශාඛාවක් ලෙසය.
ඉන් පසු 1987 ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යනුවෙන් මෙම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන ලදී. 1978 වර්ෂයේ දී ග්‍රාම සංවර්ධනය නමින් වෙනම අමාත්‍යාංශයක් පිහිටුවන තුරු ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විවිධ අමාත්‍යාංශ යටතේ පාලනය විය.
1987 අගභාගයේ සම්මත කළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභාව සතු බලතල දැක්වෙන 9 වැනි උප ලේඛනයේ 10 වන වගන්තිය ප්‍රකාරව ග්‍රාම සංවර්ධනය පළාත් සභාව සතු විෂයක් බවට පත්විය.1988 ජූලි මස 02 දින මධ්‍යම පළාත් සභාව ස්ථාපනය කළ අතර එතැන් පටන් මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව අද දක්වාම පළාතේ ජනතාවට සුවිශාල මෙහෙවරක් සිදු කරමින් ග්‍රාම සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව මෙහෙයවාගෙන යනු ලබයි.