අප ආයතනය …
ග්‍රාම සංවර්ධනය නම් විෂය යටතේ ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු සිදුකිරීමට ආරම්භ වන්නේ 1940 වර්ෂයේ දී වාණිජ හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ශාඛාවක් ලෙසය.
ඉන් පසු 1987 ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යනුවෙන් මෙම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන ලදී. 1978 වර්ෂයේ දී ග්‍රාම සංවර්ධනය නමින් වෙනම අමාත්‍යාංශයක් පිහිටුවන තුරු ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විවිධ අමාත්‍යාංශ යටතේ පාලනය විය.
1987 අගභාගයේ සම්මත කළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභාව සතු බලතල දැක්වෙන 9 වැනි උප ලේඛනයේ 10 වන වගන්තිය ප්‍රකාරව ග්‍රාම සංවර්ධනය පළාත් සභාව සතු විෂයක් බවට පත්විය.1988 ජූලි මස 02 දින මධ්‍යම පළාත් සභාව ස්ථාපනය කළ අතර එතැන් පටන් මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව අද දක්වාම පළාතේ ජනතාවට සුවිශාල මෙහෙවරක් සිදු කරමින් ග්‍රාම සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව මෙහෙයවාගෙන යනු ලබයි.