|    |  

ක්‍රීඩා දෙපාර්තමේන්තුව

 

ලිපිනය : දිගන ක්‍රීඩා සංකීර්ණය, දිගන, රජවැල්ල.
දුරකථන අංකය : 081 -2052550
ෆැක්ස් : 081 -2052550
විද්‍යුත් තැපෑල : sportsdeptcp@gmail.com

 

  දැක්ම 

නීරෝගිමත් ක්‍රියාශීලි විනයගරුක විශිෂ්ඨ මානව සම්පතක්

 

  මෙහෙවර

සියලු ජන කොටස් වල කායික හා මානසික සෞඛ්‍යයය වර්ධනය වන පරිදි ක්‍රීඩා පහසුකම් සැලසීම , දිරිගැන්වීම සහ කුසලතා වලින් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන අවශ්‍ය තාක්ෂණය හා පහසුකම් සපයා දීම තුලින් කුසලතා වර්ධනය කර ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙනඒම.

 

 

අරමුණු

1. පළාත තුල ක්‍රීඩා දිරිගැන්වීම සහ වැඩිදියුණු කිරීම.
2. විවිධ මට්ටමේ ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරග සදහා ක්‍රීඩකයන් පුරුදු පුහුණු කිරීමට යොමු කිරීම.
3. ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂ කුසලතා දක්වන ක්‍රිඩක ක්‍රිඩිකාවන් හදුනාගෙන ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සැලසිම.

කාර්යයන්
⦁ ක්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීම.
⦁ අන්තර් ක්‍රීඩා සමාජ තරග සංවිධානය කිරිම.
⦁ දිස්ත්‍රික් තරග සංවිධානය කිරිම
⦁ පළාත් තරග සංවිධානය කිරිම
⦁ දිස්ත්‍රික් පුහුණු කදවුරු පැවැත්විම.
⦁ පළාත් පුහුණු කදවුරු පැවැත්විම
⦁ ජාතික මහා ක්‍රිඩා උළෙල සදහා ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඉදිරිපත් කිරීම.
⦁ ක්‍රීඩක උපහාර උළෙල සංවිධානය කිරීම.
⦁ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් පුහුණු සංචිත පවත්වාගෙන යාම.
⦁ සැමට ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
⦁ දෙවන පෙළ සංචිත පවත්වාගෙන යාම.

මාණ්ඩලික නිලධාරින්

පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ
ජේ.පී.ඒ. ජගත් කීර්ති මයා

සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ
ආර්.ඩබ්.එම්.පී. බණ්ඩාර මයා