|    |  

ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය

 

අප අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය අංගයක් වූ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් ඒ සඳහා පණිවිඩයක් ලබා දීමට හැකිවීම සම්බන්ධයෙන් මා අතිශයින්ම සතුටු වෙමි.
විද්‍යුත් ජාලගත මාධ්‍ය ලෝකයේ ඉතා දියුණු මටිටමක පවතින මෙම අවස්ථාවේ අප අමාත්‍යාංශය සඳහා වෙබ් අඩවියක් ආරම්භවීම අපගේ ජාතික/ජාත්‍යන්තර සන්නිවේදන කටයුතු ඉතා උසස් මට්ටමක පවත්වා ගැනීමට අනගි මෙහෙයක් වනු ඇත. එසේම එමගින් අපගේ ජාත්‍යන්තර සබඳතා වඩාත් ඵලදායි ආකාරයෙන් ඉටුකර ගැනීමට හැකිවනු ඇත. මෙවැනි විශිෂ්ව කටයුත්තක් ආරම්භ කරලීමට මඟ පෙන්වූ අප අමාත්‍යාංශයේ ලේකම්තුමියට මෙන්ම මෙම කටයුත්ත සාර්ථකව ඉටුකරලීමට කටයුතු කළ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට මාගේ ප්‍රශංසාව පල කරන අතර මෙම වෙබ් අඩවිය තුළින් අප අමාත්‍යාංශයේ කටයුතු ලෝකයේ සෑම පෙදෙසක්ම ආවරණය වන පරිදි මෙහෙයවීමට අවස්ථාව සලසා ගනිමින් මධ්‍යම පළාතේ ජනතාවට වඩාත් ඵලදායි අවස්ථාවන් ඇතිකරලීමට මඟ සලස්වා ගැනීම අපගේ අරමුණ බවට පත් කරගත යුතුය.
ඒ සඳහා වූ සියලු කාර්යයන් සර්ථක වේවා යි මා ප්‍රාර්ථනා කරමි.

ලේකම්තුමාගේ පණිවිඩය

 

මෙම අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්ය භාරය අනුව මධ්‍යම පළාතේ සමාජ,ආර්ථික සංවර්ධය තුලින් ජනතා සුභසෙත සැලසීමටත් ආර්ථික,සමාජීය,සංස්කෘතික විවිධත්වය තුලින් පළාතේ සංවර්ධන කටයුතු සදහා ඇති බාධක අභියෝග දුරලීමත් මාගේ ඒකායන අභිප්‍රාය වේ. එසේම මධ්‍යම පළාත් සභාව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පළාත් සභාවට පත්වීමේ අරමුණ ද අප සතුවේ.

එසේම පළාත් සභාවේ සංවර්ධන වැඩ පිළිවෙල හා බද්ධ වූ විෂය ක්ෂේත්‍ර යටතේ විශේෂ වැඩසටහන් ක්‍රීයත්මක කිරිමද, එසේම ආදායම් උත්පාදනය තුළින් දුගී බව අවම කොට පළාතේ ඒක පුද්ගල ආදායම වැඩි කිරිමට දායක වීම, රැකියා උත්පාදනය තුළින් විරැකියාව අවම කිරිම හා නිෂ්පාදන ප්‍රවර්ධනය මගින් පළාතේ දළ දේශිය නිෂ්පාදන අගය වැඩි කිරිමද පරමාර්ථ වේ. සමස්ථයක් වශයෙන් ගත් කල කාර්යක්ෂම හා සඵලවත් බවින් යුතුව පළාතේ සමාජ ආර්ථික සංවර්ධනය ක්‍රියාත්මක කරමින් සාර්ථක ගමන් මඟකින් යුතුව විශිෂ්ටතම සංවිධානයක් කරා යෑමද පෙරටු වේ.

කර්මාන්ත සංවර්ධනය තුළින් පේෂකර්මාන්ත හා කර්මාන්ත ගම්මාන ඇතිකර ජනතාවට උපරිම ප්‍රතිඵල නෙලාගැනිමට අත්වැල සැපයීමටත් දෙපාර්තමේන්තු අංශ මගින් පුහුණුව ලබන පුහුණුලාභීන් රැකියා ගන්වා ඒ තුළින් ජාත්‍යන්තර තලයට ගෙන්වා රැකියා දස ලක්ෂයේ ව්‍යාපාරයට එක් වීමද මුඛ්‍ය පරමාර්ථය වන අතර දිනෙන් දින නව අදහස් තුළින් නව මඟකට යොමු වීමද මාගේ පරම අධිෂ්ඨානය වේ.

ඉහත කී මඟ සාර්ථකව ගමන් කිරිමට හා අමාත්‍යාංශයේ සියලුම කාර්තව්‍යයන් ඉටුකිරිමෙහිලා නිතැතින් මා හට සහය දැක්වූ මධ්‍යම පළාතේ ගරු ආණ්ඩුකාරවර පී.බී.දිසානායක මැතිතුමා, මධ්‍යම පළාතේ ගරු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමා, මධ්‍යම පළාත් සභාවේ ගරු ඇමතිතුමන්ලා, මධ්‍යම පළාත් සභාවේ සභාපති ගරු එල්.ඩී.නිමලසිරි මැතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමාන් හා තුමියන්ලාගේ ලැබෙන්නා වූ ආශිර්වාදය මෙන්ම උපදෙස් හා මඟපෙන්විම මා නිතරන්තරයෙන් අගය කරන්නෙමි. එසේම මාගේ අමාත්‍යාංශයේ අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ මඟ පෙන්වීමත් සුළු සේවකයාගේ සිට ඉහළ කළමනාකරණය දක්වා පවත්වන මිත්‍රශීලී භාවයත්, සමීපභාවයත්, අත්දැකීමෙන් පරිපූර්ණභාවය හා එතුමාගෙන් ලැබෙන නොමඳ සහයත් කෘතවේදීව සිහිපත් කරමි.

එසේම ප්‍රධාන ලේකම් එස්.එම්.ප්‍රේමවංශ මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, සභා ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්,ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු මාගේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන්ද,මාණ්ඩලික නිලධාරීන්, සියලුම නිලධාරීන්ද, ගරු අමාත්‍යතුමාගේ මැතිනිය හා පෞද්ගලික කාර්යය මණ්ඩලයද කෘතවේදීව සිහිපත් කරමි.