“INEX 2020” මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ සංචාරක වෙළද ප්‍රවර්ධන වැඩසටහන

මධ්‍යම පළාත තුළ විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සැළකිය යුතු දායකත්වයක් දක්වනු ලබයි. නමුත් හදිසියේ ඇතිවූ “කොවිඩ් 19” වසංගත තත්ත්වය නිසා පසුගිය මාස කිහිපය පුරාවටම ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු බොහෝ ලෙස අඩපණ වී ඇති බව පෙනේ. මෙම තත්ත්වයෙන් මිදීම සදහා ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබාදෙනු පිණිස මධ්‍යම පළාතේ කර්මාන්ත අමාත්‍යංශය ප්‍රමුඛ කොට ගනිමින් පළාතේ අනෙකුත් රාජ්‍ය ආයතන ගණනාවක් ඒකාබද්ධ කරගනිමින් INEX 2020 නමින්  සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ සංචාරක වෙළද ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන ලදි