මධ්‍යම පළාත් යෞවන කටයුතු , වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමූපකාර සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යංශය.
මධ්‍යම පළාත පුරා විසිරී සිටින හුදී ජනයාගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික විවිධත්වය තුළින් විශාල, මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් ඔප නංවමින් පළාතේ සීමිත සම්පත් මගින් උපරිම ඵල නෙලාගනිමින් කර්මාන්ත සංවර්ධනය කර පුළුල් වෙළඳපල හදුන්වාදීම ද , මධ්‍යම පළාත තුළ සමූපකාර ප්‍රතිපත්ති හා සාරධර්මවලට අනුකූලව සමූපකාර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරිම සදහා ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කරමින් සමූපකාර සංවිධානවල යහපාලනයක් ස්ථාපිත කිරීම ද, ගමින් ගම සිටින ග්‍රාමීය කාන්තා ප්‍රජාවගේ ජීවන පැවැත්ම වෙනුවෙන් ස්වයං රැකියා හදුන්වා දී හැකියාවන් වැඩි දියුණු කරමින් ඔවුන්ගේ ආර්ථික මට්ටම තරමක් දුරට ශක්තිමත් කිරිමද, ග්‍රාමීය ප්‍රදේශවල භෞතික හා මානව සම්පත් නගාසිටුවමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරිම ද, ධනාත්මක තරුණ පරපුරක් බිහි කිරිමේ අරමුණින් සමතුලිත වූත් තිරසාර වූත් සමාජ ආර්ථික සංවර්ධනයක් උදෙසා පියෙන් පිය ඉහලට යමින් කාර්යක්ෂම හා සඵලවත් බවින් විශිෂ්ටතම සංවිධානය බවට පත්වීම අපගේ මුඛ්‍ය පරමාර්ථයවේ.




























