|    |  

කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව

 

පළාත් අධ්‍යක්ෂ : 081-2384604
සහකාර අධ්‍යක්ෂ : 081-2384604
කාර්යාලය : 081-2384601
ෆැක්ස් : 081-2384601
විද්‍යුත් ලිපිනය : industries_cp@yahoo.com

 

දැක්ම

ධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක්

 

මෙහෙවර

ධ්‍යම පළාතේ කර්මාන්ත සංවර්ධන හා ව්‍යපාර  ප්‍රවර්ධන සේවා සැපයීමේ ආයතනයක් ලෙස ව්‍යවසායකත්ව, තාක්ෂණික, නිර්මාණාත්මක කුසලතා හා යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා වෘත්තීයභාවයකින් යුතුව හදුනාගත් අවශ්‍යතා අනුව මූල්‍ය හා තාක්ෂණික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් පළාතේ තිරසාර සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදීම

අරමුණු  හා කාර්යභාරය

  • පළාත තුල විසිරි සිටින ව්‍යාපාර  ක්ෂේත්‍රයට එළඹීමට බලාපොරොත්තුව සිටින හා දැනට ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යවසායකයින් සවිබල ගැන්විම.
  • වාර්ෂිකව පළාතේ විවිධ පරිමාණවල හොදම ව්‍යවසායකයින් තෝරා ඇගයීමට ලක්කිරීම.
  • මධ්‍යම පළාතට නව තාක්ෂණය හදුන්වාදීම.
  • පළාතේ ව්‍යවසායකයන්ගේ වෙළදපළ ප්‍රවර්ධනය හා තොරතුරු සම්ප්‍රේෂණය ස‍දහා විදේශ සංචාරවලට සහභාගිවීම.
  • පළාත පුරා පිහිටි හස්ත කර්මාන්ත ගම්මානවල යටිතල පහසුකම් හා පොදු සේවා පහසුකම් සංවර්ධනය කිරීම.
  • මධ්‍යම පළාත පුරා විසිරි සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ක්‍රමවේද සකස් කිරීම.
  • ජාතික නිපුනතා මට්ටම ඇති කිරීම ස‍දහා දෙපාර්තමේන්තුව සතු පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම.
  • ලී වැඩ හා ලෝහ වැඩ උසස් තාක්ෂණ පුහුණුව යටතේ මධ්‍යම පළාතේ තරුණයින් වෘත්තීය පුහුණුව ලබාදී කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය   ශ්‍රමිකයන් ලෙස යොමු කිරීම හෝ ව්‍යවසායක මට්ටමට සවිබල ගැන්වීම.
  • ඉහත අරමුණු සාක්ෂාත් කරගැනීම ස‍දහා දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලයේ දැනුම කුසලතා හා ආකල්ප වැඩි දියුණු කිරීම මගින් ශ්‍රම ඵලදායිතාව වර්ධනය කිරීම.
මාණ්ඩලික නිලධාරින් 

පළාත් අධ්‍යක්ෂ 
එම්.බි.යු.එස්. කොන්සිවත්ත මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ

සහකාර අධ්‍යක්ෂ

අප ආයතනය

මධ්‍යම පළාතේ කාලීන සමාජ, ආර්ථික අවශ්‍යතාවන්ට අනුකූලව ජාතික නිපුණතා සහතික සහිත වෘත්තීය පුහුණුලාභීන් බිහිකිරීම, හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය, ශිල්ප සුභසාධනය හා මාර්ගෝපදේශකත්වය සැපයීම මෙන්ම සුළු. මධ්‍යම හා මහපරිමාන කර්මාන්තකරුවන් බිහිකිරීමට උපදේශකත්වය හා පුහුණුව  ලබාදීම අරමුණු කරගත් මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන  රාජ්‍ය ආයතනයකි. ඉහත අරමුණු සාක්ෂාත් කරගැනීමට පහත ස‍දහන් අංශ යටතේ අප ආයතනය ව්‍යාපෘතින්  ක්‍රියාත්මක කෙරේ.

  1. වෘත්තීය පුහුණු අංශය
  2. හස්ත කර්මාන්ත අංශය
  3. ව්‍යාපාර ප්‍රවර්ධන අංශය

වෘත්තීය පුහුණු අංශය මගින්  ලබාදෙන පුහුණු ක්‍ෂේත්‍රයන්

  • ලී වැඩ
  • ලුහු ඉංජිනේරු
  • මෝටර් තාක්ෂණ
  • විදුලි කාර්මික
  • පරිඝනක
  • පෙදරේරු
  • මැහුම්, සම්භාණ්ඩ, කෙසෙල් කෙදි ආදි කෙටිකාලීන පුහුණුවීම්

  

හස්ත කර්මාන්ත අංශයේ කාර්යභාර්ය

  • සම්ප්‍රදායික හස්ත කර්මාන්ත ශිල්පීන් හා ශිල්ප ක්‍රම ආරක්ෂා කිරීම
  • නූතන හස්ත කර්මාන්ත ශිල්ප ක්‍රම හා නව තාක්ෂණය ශිල්පීන්ට හදුන්වාදීම
  • අමුද්‍රව්‍ය හා වෙළදපළ ගැටළු මගහරවා ගැනීම ස‍දහා ක්‍රමවේද හදුන්වාදීම
  • දේශිය හා ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශන සදහා ශිල්පීන් යොමු කිරීම.
  • ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට ඉදිරිපත්වීමට ශිල්පීන්ට අවස්ථාව සලසාදීම
  • පාරම්පරික ශිල්පීන් හා හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටුකළ පළාතේ දක්ෂ ශිල්පීන් ඇගයීමට ලක්කිරීම
  • නූතන පරම්පරාව පාරම්පරික හස්ත කර්මාන්ත සදහා ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම
  • හස්ක කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
  • ශිල්පීන් හදුනාගැනීම හා ලියාපදිංචි කරගැනීම
  • ශිල්පීන් අතර අන්තර් සබදතා ගොඩනැංවීම හා පවත්වාගෙන යාම
  • අන්තර් පළාත් ශිල්ප සබදතා ක්‍රියාත්මක කිරීම

ව්‍යාපාර ප්‍රවර්ධන අංශයේ කාර්යභාරය

  • නව හා පවතින කර්මාන්තකරුවන් ස‍දහා නව තාක්ෂණය හදුන්වාදීම.
  • ව්‍යවසායකයින් ඇගයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් කර්මාන්තකරුවන් දිරිමත් කිරීම
  • අන්තර් ජාතික ප්‍රදර්ශන සදහා ව්‍යවසායකයින් සහභාගි කරවීම තුලින් වෙළදපල අවස්ථා නිර්මාණය කිරීම
  • නව කර්මාන්ත බිහිකිරී ස‍දහා අවශ්‍ය මග පෙන්වීම් සිදුකිරීම හා රැකියා උත්පාදනයට දායකවීම.
  • ව්‍යාපාර ලියාපදංචි කිරීම තුලින් පිළිගත් ව්‍යාපාර සහතිකයක් හා හැදුනුම්පතක් ලබාදීමට කටයුතු කිරීම
  • ව්‍යවසායකත්ව සංවර්ධන කුසලතාවයන් වැඩිදියුණු කිරීම සදහා කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • හදුනාගන්නා ලද ක්ෂේත්‍රයන් සදහා තාක්ෂණික වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම

දෙපාර්තමේන්තුව යටතේ පවතින වෘත්තීය පුහුණු ආයතන

ලී වැඩ තාක්ෂණ පුහුණු ආයතන

  1. වටපුළුව උසස් තාක්ෂණ පුහුණු ආයතනය
  2. කුරුදුවත්ත තාක්ෂණ පුහුණු ආයතනය
  3. අටබාගේ උඩගම තාක්ෂණ පුහුණු ආයතනය
  4. ගිරාගම තාක්ෂණ පුහුණු ආයතනය
  5. කවුඩුපිටිය තාක්ෂණ පුහුණු ආයතනය
  6. පොල්ගොල්ල තාක්ෂණ පුහුණු ආයතනය
  7. ගලේවල තාක්ෂණ පුහුණු ආයතනය
  8. අකුරම්බොඩ තාක්ෂණ පුහුණු ආයතනය
  9. විල්ගමුව තාක්ෂණ පුහුණු ආයතනය
  10. හාවාඑළිය තාක්ෂණ පුහුණු ආයතනය
  11. හගුරන්කෙත තාක්ෂණ පුහුණු ආයතනය

ඉදිකිරීම් තාක්ෂණ පුහුණු ආයතන

  1. මරියවත්ත තාක්ෂණ පුහුණු ආයතනය
  2. තොළඹුගොල්ල උසස් තාක්ෂණ පුහුණු ආයතනය
  3. එම්.සි.පාර තාක්ෂණ පුහුණු ආයතනය
  4. කරගස්තලාව තාක්ෂණ පුහුණු ආයතනය

ලෝ වැඩ තාක්ෂණ පුහුණු  ආයතන

  1. පිටියේ ගෙදර තාක්ෂණ පුහුණු ආයතනය
  2. උඩිස්පත්තුව තාක්ෂණ පුහුණු ආයතනය
  3. නත්තරම්පොත තාක්ෂණ පුහුණු ආයතනය
  4. කඩුගන්නාව තාක්ෂණ පුහුණු ආයතනය
  5. අලුවිහාරය උසස් තාක්ෂණ පුහුණු ආයතනය
  6. ගුරුබැබිල තාක්ෂණ පුහුණු ආයතනය
  7. හගුරන්කෙත තාක්ෂණ පුහුණු ආයතනය
  8. නිල්දණ්ඩාහින්න තාක්ෂණ පුහුණු ආයතනය

මෝටර් කාර්මික තාක්ෂණ පුහුණු ආයතන

  1. පලාපත්වල තාක්ෂණ පුහුණු ආයතනය

අලෙවි ප්‍රදර්ශනාගාරය

ස්ථානය             : කර්මාන්ත අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පළමු මහල , ගැටඹේ, පෙරාදෙණිය
දුරකතන අංකය : 081 – 4926417
අලුත් පුවත් සහ සිදුවීම්
  • අපනයන වෙළදපල ව්‍යවසායකයන් වෙනුවෙන් ඇසුරුම්කරණය පිළිබද පුහුණුව
  • ආහාර තාක්ෂණය සදහා අගය වැඩිකිරීමේ වැඩසටහන
  • දේශීය තාක්ෂණ හුවමාරු වැඩසටහන
  • ව්‍යවසායකයන් සදහා තරු සම්මාන උලෙළ
  • නවීන තාක්ෂණික දැනුම භාවිත පරිසර හිතකාමි වැඩසටහන්
  • ඉදිකිරීම් තාක්ෂණ වැඩසටහන
  • නවීන තොරතුරු තාක්ෂණය පිළිබද ව්‍යවසායකයන් දැනුවත් කිරීම
  • සෙන්ප්රොතටෙක් නවීන තාක්ෂණය හදුන්වාදීම
  • විදේශ තාක්ෂණ හුවමාරු වැඩසටහන
  • මහන මැෂින් නඩත්තු වැඩසටහන
  • බලශක්ති සංරක්ෂණ වැඩසටහන
  • නවීන තාක්ෂණ පැවරුම් පුහුණු වැඩසටහන
  • රථවාහන වායුසමනය කිරීම පිළිබද පුහුණු වැඩසටහන
  • ව්‍යාපාර දිරිගැන්වීමේ වැඩසටහන (IYB)
  • සුළු පරිමාන ව්‍යවසායකයන්ගේ අලෙවි කළමනාකරණ කුසලතා වැඩිදියුණු කිරීමේ වැඩසටහන
  • සුළු පරිමාන ව්‍යවසායකයන්ගේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන
  • නව තාක්ෂණය හදුනාගැනීම සහ භාණ්ඩ ප්‍රවර්ධන වැඩසටහන්
  • කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට නවීන කළමනාකරණ උපාංග භාවිතය පිළිබද පුහුණු වැඩසටහන
  • කුඩා පරිමාන ව්‍යවසායකයින්ගේ ඵලදායිතාව ඉහල නැංවීමේ වැඩසටහන
  • ශිල්ප අභිමානි – 2019 මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය
  • සහතික ප්‍රදානය කිරීමේ උත්සවය – 2019
  • ජාතික සම්මානලාභින් ඇගයීම – 2019
  • අන්තර් පළාත් දැනුම හුවමාරු වැඩසටහන
  • තරුණ හස්ත කර්මාන්ත ශිල්පීන් සදහා විදේශ තාක්ෂණ හුවමාරු වැඩසටහන
  • හස්ත කර්මාන්ත ශිල්පීන් සදහා මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
  • හස්ත කර්මාන්ත ශිල්පීන් සදහා රසායන ද්‍රව්‍ය ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
  • හස්ත කර්මාන්ත නිර්මානකරණය හා මෝස්තරකරණය පිළබද පුහුණු වැඩසටහන
  • හස්ත කර්මාන්ත ශිල්ප සංරක්ෂණය කිරීම
  • හස්ත කර්මාන්ත අලෙවි ප්‍රවර්ධනය
  • හස්ත කර්මාන්ත ප්‍රදර්ශනාගාරය සංවර්ධනය කිරීම
  • තරුණ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කුසලතා සංවර්ධනය
  • නිෂ්පාදන හා සේවා අභිමුඛ ධනාත්මක චින්තන වැඩසටහන
  • හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීම
  • හස්ත කර්මාන්තය සදහා අමුද්‍රව්‍ය වගා කිරීම හා ප්‍රවර්ධනය